කසළ කළමනාකරණයට කමිටුවක් පත් කෙරේ

Share

කසළ කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

වර්තමානයේදී ජාතික ගැටලුවක් බවට පත්ව ඇති කැළිකසළ ගැටළුව නිසි පරිදි කලමනාකරණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව පත් කර ඇත.

ඒ අනුව කමිටුව සඳහා අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා, වජිර අබේවර්ධන මහතා සහ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පත් කර ඇති බව සඳහන්ය.

Read more

Local News