පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 02ක් නාවික හමුදා භාරයට

Share

ඊයේ(09)ත්‍රිකුණාමලය, මාබල් බීච් වෙරළ තීරයේ සිදු කළ වැටලිමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ චීන වරාය පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 251 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 24 සහ 21 වන වියෙහි පසුවන කින්නියා සහ වෙල්ලමනල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු චීන වරාය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News