මොහොමඩ් නසීම් රිමාන්ඩ්

Share

ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24 ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගත් අතර අද සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

කොළඹ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකට අදාලව තවදුරටත් විමර්ශන සිදුකරන බව එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

Read more

Local News