ක්‍රීඩා පනතින් අයකරන දඬ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Share

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික ගිණුම් මාර්තා විගණකාධිපතිවායර විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමවේදයක් යටතේ විගණනය කිරීම සඳහා අනුමැතිය දීම, ක්‍රීඩා පනත යටතේ නියෝග සකස් කිරීමට ඇමතිවරයාට හැකියාව ඇති කරුණු සවිස්තරව නිර්වචනය කිරීම, ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් ඉහළ නැංවීම,

ජවන හා පිටිය ක්‍රීඩා සම්බන්ධ ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති හා ඔලිම්පික් හෝ ඒ සමාන තරගාවලිය සඳහා නියෝජනය කර ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකුවත් ජාතික ක්‍රීඩා සභාවට ඇතුළත්වන ලෙස අවශ්‍ය විධිවිධාන සැලසිම, ක්‍රීඩා පනත යටතේ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගැනීමේ බලය තවදුරටත් ශක්තිමත් කිරීම ආදි කරුණු ඇතුළත් කරමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරිම පිණිස පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පෙරේදා (08දා) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

Read more

Local News