ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ කටයුතු සඳහා පොලිතින් භාවිතා නොකෙරේ

Share

විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ කටයුතු සඳහා පොලිතින් භාවිතා නොකිරීමට තීරණය කර තිබේ.
මදුරු උවදුර ව්‍යාප්ත වීම සඳහා පොලිතින් දැඩි ලෙස බලපාන බැවින් ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ කටයුතුවලදී පොලිතින් භාවිතය මුළුමනින්ම නතර කළයුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා මෙහිදී සඳහන් කොට ඇත.
ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා පොලිතින් භාවිතය නතර කිරීමට පොදු එකඟත්වය පල කරන බව එම අවස්ථාවට සහභාගී වූ නියෝජිතයින් පැවසූහ.

Read more

Local News