මාලිංග – චන්දිමාල් ගැටෙන අවසන් තරඟය අද

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද(11) පැවැත්වෙයි.

කොළඹ හා ගාල්ල කණ්ඩායම අතර එම තරඟය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමේ නායකත්වය දරන අතර ගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගය විසින් මෙහෙයවනු ලබයි.

කණ්ඩායම් දෙක මූලික වටයේදී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජය පත් කළේය.

කොළඹ සහ ගාල්ල කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක පසුවන හෙයින් තියුණු ගැටුමක් අපේක්ෂා කළ හැකි බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.

තරගාවලියේ 03 ස්ථානය හිමි වුනේ දඹුල්ල කණ්ඩායමටයි. 03 ස්ථානය වෙනුවෙන් ඊයේ පැවති තරඟයේ දී මහනුවර කන්ඩායම පරදා ලකුණු 94 ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 05 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 325 ක්.

ලකුණු 326 ක ඉලක්කකය හඹා ගිය දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 02 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුනු 231 ක් පමණයි.

Read more

Local News