පසුගියදා බේරුවල මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එම සැකකරුවන් අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය.
එහිදී පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් කැඳවන මෙන් නියම කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරියා සැකකරුවන් ලබන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.