මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින(12) දහවල් 12.10 ට මැදවච්චිය, පාලුකෙටූවැව, හොරෝවුපතාන සහ චයිනා බේ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News