අද නීතියේ ආධිපත්‍ය පැහැදිළිව ස්ථාපිත කර තිබෙනවා. අධිකරණයට බලපෑම් කරන්නේ නෑ – ජනපති

Share

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (13) පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගී විය.

එහිදී ජනාධිපතිතුමා පැවසුවේ,

මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඉතාම වගකීමෙන් කටයුතු කළ සෑම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. මෙම කාරක සභාවල සිටින සමහර සභාපතිවරුන්ට එදා තනතුරු අහිමි වූ අවස්ථා තිබුණා, පක්ෂ මාරු කරන්න සිදු වුණා. අපේ වර්තමාන රජය යටතේ අපක්ෂපාතිව මධ්‍යස්ථව කටයුතු කරන්න හැකියි කියන සාක්ෂිය තමයි පෙන්වන්නේ ගිණුම් කාරක සභාවේ කටයුතු මේ ආකාරයෑන් පවත්වාගෙන යාමට හැකි වීම. එම කාර්යමණ්ඩලවලට ස්තූතිවන්ත වෙනවා. අද සියලු දෙනාගේම සේවය ඇගයීම ගැන සතුට පළ කරනවා. මේ සම්බන්ධට්යෙන් සෑම සහයෝගයක් ම ලබාදෙනවා.

අපේ රටේ රාජ්‍ය සේවය ලක්ෂ 14ක් පමණ වෙනවා. සෑම 13 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. අපේ රාජ්‍ය සේවය දැනට අවුරුදු 35කට 40කට එහා ගත් විට ඉතාම විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තිබුණා. පසුකාලීනව අපේ රාජ්‍ය සේවකයන්ගේ පිට කොන්ද දේශපාලඥයින් විසින් කඩලා දැම්මා. දේශපාලඥයන්ගේ බලය තුළ වැරදි ලෙස හැසිරීම. පැහැදිලිව කියන නිලධාරීන් සුළු පිරිසක් ඉන්නවා. අවංකව වැඩකරන නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට ලක් වෙන්නට සිදු වුණා. එවැනි සිද්ධීන් අපි දන්නවා.

පසුකාලීනව අපේ රාජ්‍ය සේවකයන්ගේ පිට කොන්ද දේශපාලඥයින් විසින් කඩලා දැම්මා. දේශපාලඥයන්ගේ බලය තුළ  වැරදි ලෙස හැසිරීම. පැහැදිළිව කියන නිලධාරීන් සුළු පිරිසක් ඉන්නවා. අවංකව වැඩකරන නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට ලක් වෙන්නට සිදු වුණා. එවැනි සිද්ධීන් අපි දන්නවා. අද රාජ්‍ය සේවයේ සෑමදෙනාටම පිටකොන්ද කෙළින් තියාගෙන වැඩකරන්නට හැකි පසුබිමක් රජය විසින් හදලා තිබෙනවා.

අද නීතියේ ආධිපත්‍ය පැහැදිළිව ස්ථාපිත කර තිබෙනවා. අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. අපේ රාජ්‍ය සේවයේ අද තිබෙන අඩුපාඩු සකස් කරගෙන, ඉහළ කැපවීමක් කරන රාජ්‍ය සේවකයින් ඇගයීමට ලක් කරනවා වගේම, අඩුපාඩු දුර්වලකම් තිබෙන සියලු අංශ පිළිබඳව සොයා බලා ඒවා නිවැරැදි කරගෙන ඒ අයට අවශ්‍ය ශක්තිය දීලා හොඳ රාජ්‍ය සේවයක් මේ රටේ ඇති කිරීම අත්‍යවශ්‍යයි. විවිධ අංශවල වඩා යහපත් අංශ වගේම අයහපත් අංශත් තිබෙනවා. මේ රටේ වංචාව දූෂණය සම්බන්ධයෙන් කීර්තිමත් ආයතන කීපයක් තිබෙනවා. අපි හැම කෙනෙක් ම මේ තත්ත්වය නිවැරැදි කරන්න ඕන. යම් කාලසීමාවක් වැරදි දේ අත්දැකීම් ලබනවා. මේ කාලය තුළ වැරැදි කරන්න දූෂණයට දැන් බයක් ඇති වී තිබෙනවා. එදා ඒ බය නැතිව ගිහින් තිබුණේ.

මේ කාර්යය තුළ හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. වගකීම් අහා යුතුකම ඉටුකටලා රටවෙනුවෙන් හොඳ රාජ්‍ය සේවයක් හදන්න, තිබූ දේ ඇති කරගන්න, ඉතාම හොඳ රාජ්‍ය සේවයක් හදන්න ඒ සඳහා කටයුතු කරමු යැයි ද ජනාධිපතිතුමා පැවසී ය.

 

Read more

Local News