ජනපති ඉන්දියාවේ සාප්පු සවාරි යයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ(16) දිවයිනෙන් පිටත්ව ගියේය.

එහිදී ජනාධිපතිවරයා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඉන්දියාවේ තිරුපති කෝවිල ආසන්නයේ ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් සාප්පු සවාරියේ යෙදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා දින දෙකක් පුරා එරට රැඳී සිටිනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට මෙහිදී සම්බන්ධ වන බවත්, ඔහු ඒ සඳහා එක්වන සිව්වන අවස්ථාව මෙය වන බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව අතර ගැවෙසෙමින් සාප්පු සවාරියේ යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

මීට පෙර 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා තිරුපති වන්දනාව සඳහා ගොස් තිබුණි.

Read more

Local News