ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්

Share

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක අතර ලංගම බස් රථ සේවා වැඩි වශයෙන් ධාවනයට යොදා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.

කෙටි දුර ගමන් සේවා වලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම ද පැවසීය. බස් රථ වලින් වැඩි මුදලක් අය කරන්නේ නම් දැනුම් දෙන ලෙයසි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ ඇතැම් බස් රථ රියදුරන් බීමතින් රිය ධාවනය කරන බවට ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් බස් රථ සඳහා සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිළධාරීන් ද යොදවා තිබේ.

දුම්රිය සේවාවද සාමාන්‍ය කාල සටහනට අනුව ක්‍රියාත්මක කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා කියා සිටියේ.

Read more

Local News