ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය කළුතර දී සිදුවෙයි

Share

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද(17) සිදු කළේය.

ඒ අනූව හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධී රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී අද පෙරවරුවේ පැවැත්විය.

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතුරින් හිස තෙල් ගෑමේ චාරිත්‍රයට හිමිවවන්නේ සුවිශේෂී ස්ථානයක්.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පුර්ව භාග 07.40ට යෙදුණු සුබ නැකතින් පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොං පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බවට ජෝතිෂ්‍යයේ සඳහන් විය.

මේ සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු බොහෝ පිරිසක් එක්වී සිටියේය.

Read more

Local News