මහියංගනයේ සිදු වු රිය අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

Share

ත්‍රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු වෑන් රථයක, මහියංගනය ජාතික පාසල ඉදිරීපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද(17) අලුයම පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු මෙම අනතුරින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති ඇති බව පොලීසිය පැවසීය.

එම 10 දෙනා අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් වෙයි.

මෙසේ මිය ගිය ගොස් ඇත්තේ මඩලකපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.

වෑන් රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර බරපතල තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙක් මහියංගන රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News