හරිත ආර්ථිකය තුළ පරිසර හිතවාදී යෝජනා ගණනාවක්  තිබෙනවා – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක්විය. එහිදී ප්‍රකාශ කළේ,

හරිත ආර්ථිකය තුළ පරිසර හිතවාදී යෝජනා ගණනාවක්  තිබෙනවා. වාහන පිළිබඳ යෝජනාව. 2025 දෙමුහුම් හා විදුලියෙන් ධාවනය වන වාහන යෙදවීම. ලංගමට විදුලි බස් රථ ගෙන්වීමත්. බීමවල සීනි ග්‍රෑම් එකක් සඳහා හැම සීනි ග්‍රෑමයට ශත පනහක බද්දක් තියෙනවා. කරාපිටිය, මඩකලපුව පිළිකා රෝග මධස්ථාන හදන්න මිලියන 300ක් වෙන් කර තිබෙනවා ප්‍රාථමික සෞඛ්‍ය සේවය, පොළොන්නරුවේ ළඳරු ඒක්කය හදන්න මිලියන 50ක් ලබාදී තිබෙනවා. මොරටුව දෙණියාය රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරනවා. හෙඳ පුහුණු පාසල් සංවර්ධනයට මිලියන 300ක් වෙන් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලට එච්.යි.වී.ඒඩ්ස් ඒකකයට රුපියල් මිලියන 25ක් වෙන් කළා.

දේශීය උපාධි පශ්චාත් උපාධි ආයතනයක් සඳහා රුපියල් මිලියන 40ක් වෙන් කර තිබෙනවා. මිලියන 500ක් සරසවි සිසුන්ට සෞඛ්‍ය රක්ෂණය සඳහා වෙන්කර තිබෙනවා. සබරගමුව රෝහලට නව වෛද්‍ය පීඨයක් හදන්න යෝජනා කර තිබෙනවා. රුහුණු වෛද්‍ය පීඨය හදන්න රුපියල් මිලියන 50ක් ලබාදී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News