සංගා හා හරීන් අර්තාපල් පුඩිමක රස බලයි

Share

නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ඊයේ (16) පිළියෙල කර පිළිගන්වනු ලැබුහ.

නුවරඑළිය වසන්ත උදානයට සමගාමිව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ පාලන අධිකාරිය සහ එම හෝටලයේ සාමාන්‍යධිකාරි රිෆාන් රෂිෆ් මහතා විසින් මෙම පුඩිම පිළියෙල කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

අර්තාපල් පුඩිම පිළියෙල කිරිම  ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර නුවරඑළිය මහනගර සභවේ පුරපති චන්දනලාල් කරුණාරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි ප්‍රියන්ත විරසිංහ සහ ඉන්දියානු ප්‍රධාන සුපවේදියෙකු වන රනිද්ර් සින් මහතා ඇතුළු ග්‍රැන්ඩ් හෝටලයේ සුපවේදින් 15 ආසන්න පිරිසක් මෙම අර්තාපල් පුඩිම පිළියෙල කිරිමේ අවස්ථාවට සහභාගි වුහ.

අර්තාපල් කිලෝ 15 , එලගි තෙල් බෝතල් 2 , සිනි කිලෝ 2.500 , රාසින් කිලෝ 2 , වියළි මිදි  කිලෝ 2, කජු කිලෝ  2 , කරදමුංගු , කහ ,යොදා ගනිමින් කිලෝ 25ක අර්තාපල් පුඩිමක් පිළියෙල කරන ලදි.

මෙම අර්තාපල් පුඩිමට සමගාමිව නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් දේශිය අර්තාපල් වලින් පිළියෙල කරන ලද ආහාර ද්‍රව්‍ය ඇතුළු අතුරුපස වර්ග 100ක  ප්‍රදර්ශන කුටියක්ද පැවැත්වු අතර එම ප්‍රදර්ශන කුටිය නැරඹිමට ආරාධිතයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ද එක් වි සිටිහ.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කියාසිටියේ දේශිය අර්තාපල් ගොවියා ප්‍රවර්ධන කිරිමටත්, දේශිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත්, අර්තාපල්වලින් මෙවැනි ආහාර ද්‍රව්‍යය සහ අතුරුපස පිළියෙල කර ප්‍රවර්ධනය කිරිම පැසසිය යුතු කරුණක් බවයි.

ඉකුත් වසරේද නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් වලින් චොකලට් කේක් එකක් පිළියෙල කර ගිනස් වාර්තාවක් ද පිහිටවනු ලැබිය.

අර්තාපල්වලින් පිළියෙල කරන ලද ආහාර වර්ග සහ අතුරුපස  ඇතුළත් ප්‍රදර්ශන කුටිය මේ මස 22 දින දක්වා නොමිලේ ප්‍රදර්ශනය කිරිමට 22 දින අර්තාපල් වලින් පිළියෙල කරන ලද විශේෂ සුප් පානයක් දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ ලබා දිමට ග්‍රැන්ඩ් හෝටලයේ පරිපාලන නිලධාරින් කටයුතු කර ඇත.

Read more

Local News