අභිරහස් ලෙස මිය ගිය දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

Share

දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි 02 ක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද(17) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

මෙම දිවි මළ සිරුරු අසල තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුගේ මළ සිරුරක්ද හමු වී ඇත.

මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවත්, දිවියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති.

දිවියාගේ මළ සිරුර දිමුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතය.

Read more

Local News