ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සංචිතය මෙන්න

Share

මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ.

මෙවර ලෝක කුසලානයට බංග්ලාදේශ පිල සහභාගී වන්නේ මශ්රෆි මෙටාසාගේ නායකත්වයෙන් යුතුවයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතයට ශකීබ් අල් හසන් කැඳවා තිබේ. ඒ අනුව ශකීබ් අල් හසන් බංග්ලාදේශ පිලේ උපනායකයා ලෙස කටයුතු කරයි.

මේ අතර ලෝක කුසලාන සංචිතය වෙනුවෙන් නවක ක්‍රීඩක අබු ජයඩ් නම් කර තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී බංග්ලාදේශ පිල තම පළමු තරඟය වෙනුවෙන් ජුනි 2 වනදා දකුණු අප්‍රිකාව සමඟ තරඟ වැදීමට නියමිතයි.

Read more

Local News