කඩදාසි කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(18) අළුයම ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

කර්මාන්ත ශාලාව මහල් හතරකින් යුක්ත වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

ගින්න පාලනය කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය මේවන විටත් කටයුතු කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

Read more

Local News