වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 10කට තුවාල

Share

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුරක් සිදුවී තිබේ.

එම වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

රෝහල්ගත කල අයගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රොහල වෙත මාරු කර යවා ඇත.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වි යලිත් හැටන් දක්වා වෑන් රථය ධාවනය කරවන අවස්තාවේ අද(18) උදැසන 5.45 පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවසුවේ.

මාර්ගයෙන් ඉවතට පැන ඇති වෑන් රථය අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඉදි කරමින් පවතින නිවසක් අසල නතර වි ඇත.

ධාවනය වෙමින් තිබු වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හෝ වෑන් රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.

වෑන් රථයේ ගමන්ගත් සියළු දෙනාම හැටන් ප්‍රදේශයේ පදංචිකරුවන් බවයි වටවල පොලිසිය පැවසුවේ.

Read more

Local News