ශ්‍රී ලංකා සංචිතය අද නම් කරයි – නායකත්වය දිමුත් ට

Share

ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වන සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය අද(18) නම් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

ක්‍රිකට් තේරීම කමිටුව සිදුකළ මෙම පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරඟ 17ක ක්‍රීඩා කර තිබේ.

Read more

Local News