ෆොන්සේකාට ඇමති ධුරයක් හිමිවෙයිද ?

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ආගමන විගමන අමාත්‍යධූරය පිරිනැමීමේ සුදානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍ය ධූරය ලබා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බනධයෙන් ගැටළු ඇති කිරිමට බවද මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (18) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතම්න්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ විදුලි අර්බුදය ද සංවිධානාත්මකව ආන්ඩුව විසින් සිදු කළ එකක් බවයි.

රුපියල් 10.50ට විදුලි ඒකකයක් ‌ලබා දීමට සමාගමක් සුදානම් වුනත් ‌කොමිස් නොමැති නිසා එම සමාගම නොසලකා හැරිය බවද මන්ත්‍රීවරයා පවසයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසුවේ මෛත්‍රී රනිල් ආන්ඩුවේ අවසාන සිංහල අවුරුද්ද කරන්න ජනතාව සූදානමින් සිටින බවයි.

ජනතාව මත විශාල බදුබර පිඩනයක් ‌පටවපු වත්මන් ආණ්ඩුව ජාතික මැතිවරණයේදී පරදවා ‌පොදු ජන ‌පෙරමුණ මුලික කරගනිමින් ජයගන්න තම පාර්ශවය සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News