ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකා සංචිතය මෙන්න

Share

එළඹෙන ලෝක කුසලානයට සහභාගි වන දකුණු අප්‍රිකා සංචිතය එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ෆෆ් ඩුප්ලේසිස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතයට ලෝක කුසලාන අත්දැකීම් සහිත ක්‍රීඩකයන් 7 දෙනෙක් ඇතුළත් වනවා.

දකුණු  අප්‍රිකා ලෝක කුසලාන එක්දින සංචිතයේ ක්‍රිස් මොරිස් සහ රීසා හෙන්ඩ්‍රික්ස් නම් කර නොතිබීම විශේෂත්වයක්.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී දකුණු අප්‍රිකා පිල පළමුව එංගලන්තය සමග තරග වැදීමට නියමිතයි.

මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,බංග්ලාදේශය,ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකා සහ පාකිස්තානය තම සංචිත නම් කර අවසන්.

ලෝක කුසලානයට සහභාගි වන රටවල් අතරින් බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ ඇෆ්ගනිස්ථානය තවමත් සිය සංචිත නම් කර නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීමට අවසන් දිනය ලෙස මෙම මස 23 වැනිදා ලබා දී තිබේ.

Read more

Local News