දෙවන පාසල් වාරය හෙට ආරම්භ වෙයි

Share

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මේ වසරේ දෙවන වාරය සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (22) ආරම්භ වීමට නියමිතය.

හෙට සිට අගෝස්තු මස පළමු වැනි දින දක්වා එම පාසල් වාරය ක්‍රියාත්මකය.

මේ වන විටත් මුස්ලිම් පාසල්වල දෙවන වාරයේ පළමු අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත.

මේ අතර දෙවන දිනටත් අද පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ගුරුවරුන්,  දෙමාපියන් සහ ආදී සිසුන් ඇතුළු පිරිස් ඇතුළු කණ්ඩායම් මේ සඳහා සහභාගී වෙයි.දෙවන

Read more

Local News