මිය ගිය අයගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්

Share

දිවයින පුරා සිදු වු පිපිරීම්වලින් මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබදව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක්පවත්වා ඇත.

එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

තවද ආරක්ෂ්ක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීකෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

සිදුවු පිපිරීම්වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂ ණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී.

Read more

Local News