තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර

Share

දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පෞද්ගලික රෝහල් සංගමයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

ඒ අනුව තුවාල ලැබූවන් රොහල් ගත වුවහොත් නොමිලේ ප්‍රතිකාර කිරීමටත්, සැත්කම් සිදු කිරීමටත් පෞද්ගලික රෝහල් එකගත්වය පළ කර තිබේ.

මෙවැනි අවස්ථාවක මුදලට වහල් නොවී පෞද්ගලික රෝහල් තම ඉල්ලීමට මෙලෙම ප්‍රතිචාර දැක්වීම ගැන ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

Read more

Local News