පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට – 450කට තුවාල

Share

කොළඹ, කටාන, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථාන තුනක, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 207 දෙන‍ෙකු මිය ගොස් පුද්ගලයින් 450කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව රාගම රෝහලේ මළ සිරුරු 07 ක්, මඩකලපුව රෝහලේ මළ සිරුරු 26 ක් සහ කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 47 ක් මේ වනවිට තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන කොළඹදී සිදුවූ පිපිරීම්වලින් මියගිය අය අතර විදේශිකයින් නව දෙනෙක් සිටින බව ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අද උදෑසන සිදුවූ පිපිරීම් හේතුවෙන් හටගෙන ඇති තත්ත්වය නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර තිබේ.

Read more

Local News