පිපිරීම් ගැන සොයන්න ජනපති නියමයෙන් කමිටුවක්

Share

ඊයේ(21) දින සිදුවු මෙම ජාතික ඛේදවාචකයට මුල් වු කරුණු සහ එහි පසුබිම ඇතුළු සාධක පිළිබඳ සොයා බැලීම සඳහා අද(22) දිනය තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එම පරීක්ෂණ මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත බවයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

අදාළ සිද්ධින්වල පසුබිම සහ ඊට අදාළ වෙනත් සාධක සොයා බලා සති දෙකක් තුළ වාර්තාව ලබා දීම සඳහා එම පරීක්ෂණ මණ්ඩලයට කාලය ලබා දී තිබේ.

Read more

Local News