සිදුවූ පිපිරීම්වලට අදාළව සැකකරුවන් 24ක් අත්අඩංගුවට

Share

කොළඹ, කටාන, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථාන තුනක, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් සම්න්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඔවුන් රඳවා ගෙන ප්‍රශ්න කරන බවටයි වාර්තා වන්නේ.

ඊයේ (21) ප්‍රහාරයට යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිසිය පැවසුවේ, ඔවුන් කාත්තන්කුඩි සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

දෙමටගොඩ පිපිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක රියදුරෙකුද වෑන් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News