Tuesday, March 19, 2024.

කොළඹ ආරක්ෂාව තර කරයි

Share

පුද්ගලයන් 290කට මරු කැඳවමින් තවත් 450කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ස්ථාන 08ක සිදුවු පිපිරීම් සම්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

පොලීසිය පැවසුවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ත්‍රිවිධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා යොඳවා ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහසකට අධික යුද හමුදා භට පිරිසක් යොදවා ඇති බව යුධ හමුදාව පැවසීය.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වල ආරක්ෂාව ගුවන් හමුදාවට පැවරී ඇත.

විදෙස් ගතවන පුද්ගලයන්ට කිසියම් තොරතුරක් දැනගැනිමට අවශ්‍ය නම් 116 දුරකනථන අංකයෙන් විමසීමක් කරන ලෙස ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව පොලිස් මුලස්ථානයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ දුරකථන අංක 0112 322 485 ඔස්සේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු විමසීය හැකියි.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ 0112 32 30 15 අංකය ඔස්සේ විදේශිකයන් පිළිබඳ තොරතුරු දැනගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News