මියගිය ජනතාව සිහිපත් කර ලොව පුරා රටවල් රැසක කණගාටුව

Share

ශ්‍රී ලංකාවට ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිපත් කර ලොව පුරා රටවල් රැසක ජනතාව විවිධාකාරයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය.

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිෆල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබුවේය.

මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ  21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී පිපිරීම් වලින් මියගිය පිරිස සිහිපත් කරමින් ඔවුන්ට ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූයේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ආකාරයට ලෝකයම කම්පාවන සිදුවීමක් වාර්තාවූයේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරටයි.

ඒ හේතුවෙන් මින් ඉහත 2004 සුනාමි ඛේදවාචකයෙන්  වසර 15 කට පසු ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල බොහොමයකට ලංකාව ලක්ව තිබුණි.

Read more

Local News