මියගිය පුද්ගලයින්ට රුපියල් මිලියනයක වන්දි මුදලක්

Share

මියගිය පුද්ගලයින්ට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද(22) දහවල් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

සෑම මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් පළමුව රුපියල් ලක්ෂයක මුදලක් අවමංගල්‍යය වෙනුවෙන් ලබා දීමටත් පසුව රුපියල් මිලියනක මුදල් වන්දි වශයෙන් ලබා දීමටත් රජය තීරණය කර තිබේ.

එමෙන්ම තුවාල වු අයට තුවාලවල ප්‍රමාණය නිරීක්ෂණය කර, රුපියල් ලක්ෂයක අවම මුදලක සිට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි ලබා දීමටත් රජය තීරණය කළ බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමෙන්ම විනාශ වු දේවස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News