අංක 1ට රට දෙවනුවට පක්ෂය හා ආගම – මරික්කාර්

Share

මේ අවස්ථාවේදී අංක එකේ රට තබා කටයුතු කළ යුතු බවත් පක්ෂය හා ආගම දෙවනුවට පැමිණිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“කවර කණ්ඩායමකට අයිති වුණත් මේකට සම්බන්ධ වූ අධාර උපකාර කරපු අනුබල දුන්නු සියලු දෙනාටඋපරිම දඩුවම් දෙන්න  ඕන. ඒ එක්කම මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ මගින් දැනුවත් කලාය කියලා කියනවා දවස් දහයකට කලින්.

එහෙම කළා නම් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු දීලා තිබ්බා නම් මේ අනතුර වලක්වා නොගැනීම ඉතාම ඛේදනීය වගේම ඉතාමත් බරපතල කාරණයක් වෙනවා. ඒ නිසා ඒකට වගකිවයුතු අයව හොයන්න.

අපිට කිසිසේත්ම පිළිගන්න බැහැ මෙය මේ ආකාරයේ අවසන් ප‍්‍රහාරය කියලා. අපි දේශපාලන බේදයකින් තොරව දේශපාලනය පැත්තකින් තියලා තමන්ගේ අනෙකුත් දේවල් පැත්තකින් තියලා රට එකට එන්න  ඕන. ආගම පක්ෂය අනෙකුත් දේවල්පසුව. අපිට ඉස්සෙල්ලාම විය යුත්තේ රට.”

Read more

Local News