මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

Share

මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරම පොලීසිය විසින් අද (22) සොයාගෙන තිබේ.

අදාළ ගෙහිමියා සිය ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඟවා තිබෙනු දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇත.

ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ මෙලෙස සොයාගෙන තිබේ.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් නිෂ්ක්‍රිය කිරීමට නියමිතය.

මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Read more

Local News