බස් නැවතුම්පොළෙහි තිබී ඩෙටනේටර් 87ක් හමුවෙයි

Share

කොළඹ කොටුව බැස්ටියන් මාවතේ කළ සෝදිසි මෙහෙයුමකදී ඩෙටනේටර්ස් 87ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළෙහි බිම වැටී තිබූ ඩෙටනේටර් 12ක් පොලීසියට ලද තොරතුරක් මත සිදුකල සෝදිසි මෙහෙයුමක දී සොයා ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම ප්‍රදේශයේ කසල ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසීය විසින් සිදු කරයි.

Read more

Local News