ජනපති, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකී

Share

අද (22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට ගොස් ඇත.

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කණගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිවරයා මෙම තත්ත්වය හමුවේ ගෙන තිබෙන ඉදිරි පියවර පිළිබඳව ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ දී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවයි.

අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read more

Local News