කැබිනට් අමාත්‍යවරයෙක් ලැජ්ජාවට පත්වෙලා

Share

මෙම උමතු ආගමික අන්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කොටසක් බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් මහ නගර හා නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අද (22) උදැසන බිෂෝප් නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදින් පිපිරීම් සම්බන්ධයෙන් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම සිදු වු පිපිරීම් සහ ජිවිත හනි වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ලැජ්ජාවට පත් වන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

මෙම ප්‍රහාරයන් නැවැත්වීම සඳහා ආරක්ෂ අංශවලට බලය ලබා දිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News