ප්‍රහාරයක් සිදුවන බව දැන සිටියා නම් පරීක්ෂණ කරන්න

Share

රට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.

අපේ රටේ සියලුම ජාතීන් සමගියෙන්, සාමයෙන් හා සතුටින් ජීවත්වූ බවත්, මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන ලෝකයාට ආදර්ශයක් ලබාදිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටියහ.

මේ පිළිබඳ රජය දැනගෙන සිටි බවට ප්‍රකාශ වන බවත්, එහෙත් ඒ පිළිබඳ අනාගමික නායකයන් කිසිවක් නොදන්නා බවත්, මේ නිසා රජය මේ පිළිබඳ සොයා බැලිය යුතු බවත් අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ අවධාරණය කළහ.

Read more

Local News