කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් ඉල්ලීමක්

Share

පිපිරීම් හේතුවෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් නොලත් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේ ඒ සම්බන්ධ තොරතුරු කොළඹ 10 ප්‍රැන්සිස් පාරේ අංක 111 දරණ ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම්දිය යුතු බවයි.

ඒ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් පැමිණිය යුතු බව ද අජිත් තෙන්නකෝන් මහතා දැනුම් දුන්නේය.

පසුගිය ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 290 දෙනෙකු මියගොස් තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පොලීසිය පැවසයි.

කෙසේවුව ද තවත් පිරිසක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවට ඔවුන්ගේ ඥාතීන් දැනුම් දී ඇත.

Read more

Local News