ඉන්දීය මහ මැතිවරණයේ තෙවන අදියර අද

Share

ඉන්දීය මහ මැතිවරණයේ තෙවන අදියරේ ඡන්ද විමසීම් අද (23) ඇරඹේ.

ඉන්දීය මහ මැතිවරණයේ වැඩිම පිරිසක් සහභාගී වන විශාලතම අදියර වන්නේ ද අද පැවැත්වෙන ඡන්ද විමසීමයි.

ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල මෙන්ම කර්ණාටක ප්‍රාන්තයේ කොටසක අද ඡන්ද විමසීම සිදුකෙරේ.

අද මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර බි.ජේ.පි. පක්ෂයේ අමිත් ෂාහ් සහ කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි ද වන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

 

Read more

Local News