නොච්චියාගම නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ – 8ක් අත්අඩංගුවට

Share

නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට අද(23) නොච්චියාගම පොලීසිය සමත්ව තිබේ.

නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරික්ෂාවට ලක් කළ අතර එම නිවස තුල තිබි ජෙලග්ට්නයිට් කූරු දාහක්, ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක්, පුපුරුවා හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය පැවසිය.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

Read more

Local News