මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් නොබලන්නැයි රුවන් කියයි

Share

මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන වහාම තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ත් එහි සමාජිකයින් නීතියේ හමුවට ගෙන ආ යුතු බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ට අයත් නිශ්චල හා චංචල දේපල රාජසන්තක කළ යුතු බව ද පැවැසිය.

එසේ සිදු කිරීමෙන් පමණක් ජාතික ආරක්ෂාව රැක ගත හැකි බව පැවසු අමාත්‍යවරයා, මෙවැනි අන්තවාදී කණ්ඩායම්වල බියගුළු ක්‍රියාවන් හේතුවෙන් රටේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් බැලීම සිදු නොකළ යුතුයි යනුවෙන් ද අවධාරණයෙන් යුතුව පැවසන බව ද කියා සිටියේය.

පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාර නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එල්ලකළ ප්‍රහාරයක් බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි පැවැසූ ඇමැතිවරයා

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවත්,එම ප්‍රහාරය සිදු කරන ලද අන්තවාදී කණ්ඩායම් තවුෆීක් ජමාද් නැමති සංවිධානය ද තවත් සංවිධානයක් සමඟ සමීප සම්බන්ධතා ඇති බවට හෙළි වී ඇති බව ත් මෙහිදී පැවසීය.

Read more

Local News