කඳානෙත් සැකකටයුතු නිවසක් පරීක්ෂාවකට

Share

කඳාන පොලිස් වසමේ බටගම ඇවරියවත්ත ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පිළිබඳව කඳාන පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිව එම නිවස පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවස මීට මාස 3 කට පමණ පෙර එක්තරා අඹුසැමි යුවලක් විසින් කුලියට ගෙන තිබු බවට අනාවරණය වී ඇති අතර, මේ වන විට එම දෙදෙනා එම නිවස අතහැර ගොස් ඇත.

නිවසේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 15ක පමණ ප්‍රමාණයක් ද අයිස් ග්‍රෑම් 15ක් පමණ ද කුෂ් ග්‍රෑම් 25 ක් පමණ හා ටී-56 පතරොම් 8 ක ද සොයා ගෙන ඇත.

කදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News