නවතා තිබු තිබූ මෝටර් රථයක් පොලිස් බාරයට

Share

පාදුක්ක නගරයේ දිසා රෝහල ආසන්නයේ එංජිම ක්‍රියාත්මකව ගාල්කර තිබූ සැක කටයුතු මෝටර් රථයක් සම්බන්ධයෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරික්ෂාවක් සිදු කර තිබේ.

අද(23)  දින දහවල් ලද තොරතුරක් මත බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා අදාළ මෝටර් රථව සම්බන්ධයෙන් පරික්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

අදාළ මෝටර් රථය පරික්ෂා කළද සැකකටයුතු කිසිවක් නොතිබු බැවින් එම මෝටර් රථය තම බාරයට ගැනීමට කටයුතු කළ බව පාදුක්ක පොලීසිය පවසයි.

පසුව මෝටර් රථය ගාල් කර තිබු පාදුක්ක-කොළඹ පාර දෙපසින් වසා දමා යුද හමුදා බොම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර එම මෝටර් රථය තුළ පුළුල් පරීක්ෂාවක් සිදු කළ කිසිවන් හමු නොවූ බව වාර්තා වෙයි.

Read more

Local News