ආරක්ෂක කවුන්සිලයම අංගවිකල වෙලාද ?

Share

සිදුවූ ඛේදවාචකය පිළිබඳ චෝදනාව පොලිස්පතිවරයා වෙත එල්ල කළද එහි වගකීම සමස්ත ආරක්ෂක කවුන්සිලයම භාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පොලිස්පතිවරයාව ආරක්ෂක කවුන්සිලයට කැඳවීමෙන් තොරව රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ කෙසේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රශ්න කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පොලිස්පතිවරයා නොමැති ආරක්ෂක කවුන්සිලය අංග විකල ආරක්ෂක කවුන්සිලයක් බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

පසුගියදා මාවනැල්ල බුදු පිලිම කැඩිම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිපියක් මගින් දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

ප්‍රහාරය සිදු වී සුළු මොහොතකින් ඔවුන් පිලිබඳ සියලුම තොරතුරු සොයා ගත්තේ කෙසේද ? එසේ නම් ඔවුන් ඊට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත්වී සිටි ඇතිබව ද හෙලීවන බවද මන්ත්‍රිවරයා පැවසීය.

Read more

Local News