Tuesday, March 19, 2024.

පොලිස්පති හා ආරක්ෂක ලේකම් වහාම ඉවත් කරන්න

Share

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට රටේ ජනතාව පිළිබඳ වගකීමක් ඇත්නම් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වහාම තනතුරුවලින් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹදී අද(23) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳ වරක් තමා හෙළි කළ අවස්ථාවේ තමාට චෝදනා එල්ල කළ අමාත්‍යවරු, පසුගියදා ප්‍රහාරයෙන් මියගිය ජීවිත පිළිබඳ වගකීම භාර ගතයුතු බවයි.

ධනවත් මුස්ලිම් පවුල් 04ක සාමාජිකයින් මෙම සංවිධානයට සම්බන්ධ බව තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එලලෙස තමා පවසන විට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළ සිටියේ අපේ බුද්ධි අංශවලට එවැනි කිසිදු තොරතුරක් වාර්තා වූයේ නොමැති බවයි.

Read more

Local News