Tuesday, March 19, 2024.

බෝම්බකරුවන් තවමත් නිදැල්ලේ – අගමැති

Share

පාස්කු දිනයේ ප්‍රහාර දියත් කළ බෝම්බකරුවන්ගෙන් පිරිසක් තවමත් නිදැල්ලේ පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ අද (23දා) අරලියගහ මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් අමතමිනි.

පසුගිය 21දා සිදුවූ ප්‍රහාරයේදී කොළඹ තරු හෝටල් 3ක් සහ කිතුණු දේවස්ථාන 3ක් ඉලක්ක කරමින් ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් වූ අතර, තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක් වාර්තා විය.

මෙම බෝම්බ ප්‍රහාරවල වගකීම මේ වනවිට ISIS ත්‍රස්ත සංවිධානය විසින්ද භාරගෙන තිබේ.

Read more

Local News