බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් 45 ක් මරුට – යුනිසෙෆ්

Share

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 45 කට අධික පිරිසක් මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වාදෙන්නේ ඔවුන් අතර විදෙස් ජාතික ළමුන් ද සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව දැඩිව හෙලා දකිමින් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

ප්‍රහාරවලට ලක්වූ තවත් ළමුන් විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පෙන්වාදෙන එම සංවිධානය පවසන්නේ ප්‍රහාර හේතුවෙන් ඇතැම් ළමුන්ට මව්පිය රැකවරණය ද අහිමි වී ඇති බවයි.

Read more

Local News