හරීන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරයි

76

පසුගිය 21 වන දා එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (24) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.