Tuesday, March 19, 2024.

මුහුදු රළ ගොඩබිමට එන්න පුළුවන් ?

Share

බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදු රළ මීටර 2.5-3ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙහිදී ගොඩබිමට පැමිණෙන රළ මෙතරම් උස නොවන බව ද සඳහන් වෙයි.

මෙලෙස රළ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ද පවතින බව කාලගුණ අංශ පවසයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද දන්වයි.

කෙසේ වෙතත් සමකය ආසන්න නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News