Tuesday, March 19, 2024.

පුද්ගලයින් 37කට සෞදියේ දී මරණ දඬුවම

Share

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයින් 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි රජය කටයුතු කර ඇත.

මානුෂීයත්වයට එරෙහිව කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් මේ පිරිසට චෝදනා එල්ල වී තිබුණි.

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා වරදකරුවන් වූ 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි අරාබි රජය කටයුතු කර ඇත.

අදාළ දඬුවම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සෞදි රජයේ මාධ්‍ය අනාවරණය කර සිටියේ අන්තවාදී ත්‍රස්තවාදී හැසිරීම් ආරෝපණය කරගනිමින්, රටේ ආරක්ෂාවට හානිවන ආකාරයේ කටයුතු සිදුකර මානුෂීයත්වයට එරෙහි අපරාධ අවුලුවනු ලැබීම සම්බන්ධයෙන් මේ පිරිස වරදකරුවන් වී ඇති බවය.

පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ පිරිසට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙම ක්‍රියාව හෙලාදකිමින් පවසන්නේ මෙය ඉතිහාසයේ භයංකාර දිනයක් බවය.

Read more

Local News